TAB1
TAB2
Tab3
Tab4
Tab5
   Browse Items
Tab 1 Content
Widget by Bloganol  

Saturday, December 10, 2011

මිනිසාගේ විෂය

   පසුගිය කාලයේම වටපිටාවේ සිද්ධ වෙන දිහා බලාන හිටියා.මිනිස්සු එකම දේට විවිධ විදිහට ප්‍රතිචාර දක්වනවා.එකම ගෙදර වුණත් ප්‍රතිචාරයන් වල විවිධත්වයක් තියෙනවා.ඒක වැරැදියි හෝ නොවිය යුත්තක් විදිහට නෙවෙයි මේ කියන්නේ. මේ විවිධත්වය නිසාම ජීවිතයට රසයක්ද ගෙනැත් දෙනවා. එකම දේට හැම දෙනාම ප්‍රියකරන්න පටන් ගත්තොත් ... එකම අදහස හැමෝම දරන්න පටන් ගත්තොත් ... අපි මෙහෙම හිතමු. එකම ‍ගෙදර අය එකම මෝස්තරයක ඇුම් ඇගෙන පාරට බැස්සොත් ..
     මොකක් හරි කොම්පැනියක එහෙමත් නැත්නම් කිසියම් වැඩපලක කට්ටිය ගැහැණු පිරිම භේදයක් නැතුව එකම වර්ණ තියෙන එකම හැඩයේ ඇුම් වලින් සැරසිලා පාරට බැස්සොත් ... අපිට මොකක්ද හිතෙන්නේ ? එකම තැනක වැඩ කරන අය වෙන්න ඇති කියලා හිතලා එතැන් එහාට හිතනවා අඩුයි. සියලු දෙනා දෙස සමස්තයක් විදිහට බලන්න තමා අපි පුරුදුවෙලා තියෙන්නේ. වෙන වෙනම අපේ ඇහැ හෝ සිතුවිලි ගමන් කරනවා අඩුයි. නැත්තම් නැත්තටම නැහැ.
     විවිධ පැහැයන් විවිධ තුරුලතා , විවිධ පක්‍ෂීන්  මෙයාකාරයෙන් ඇයි ස්වභාව ධර්මයේත් විධත්වයක් පවතින්නේ. එයින් පෙනෙන්නේ විවිධත්වය ස්වාභාව ධර්මයේ විෂය බව නොවෙයිද? පොළෝතලය පිරිමින්ගෙන් විතරක් හෝ ගැහැණුන්ගෙන් විතරක් පිරී පැවතුනොත් . ....අතිශය රසවත්  සදාතනික නිර්මාණ බිහිවෙයිද?
    ස්වභාව ධර්මයේ විෂය වන්නේ විවිධත්වයයි. එනිසාම ස්වභාව ධර්මය අපට නැවුම් බවක් දායාද කරනවා.ස්වභාව ධර්මය අපට කතා කරනවා. ස්වභාව ධර්මය අපට උගන්වනවා. කුමක්ද උගන්වන්නේ.  විවිධත්වය. නැවුම් බව සාරවත් බව. අපි අපේ ජීවිත වලට මේවා එකතු කර ගන්නේ කොහොමද ?විවිධත්වය ,නැවුම් බව , සාරවත් බව එකතු කර ගැනීමට නම් කළ යුත්තේ එකම දෙයයි. ඒ තමා සෑම දිනක්ම අලුත් දිනක් වාගේ අපි අපේ සිතුවිලිත් අලුත් කර ගැනීමෙන්. සිතුවිලි අලුත් කර ගැනීමට නම් අලුත් විදිහට සිතන්න පටන් ගන්න ඕන. ඒ විදිහට හිතුන දෙයක් තමා මේ ඡායාරූපයෙන් කරේ. ජීවිතයට යමක් තුලින් ඒ ගැන මීළ අවස්ථාවේ සොයා බලමු.



  මේ ටික බලලා ඔබටත් හිතුන යමක් ඇති .ඒ ගැනත් වගේම සටහනක් තියල යන්නත් අමතක කරන්න එපා.

Wednesday, November 23, 2011

විනෝදයට ක්‍රීඩාවක්

බලන්න මේක කරන්න පුළුවන්නද කියලා. දුර ගමනක් යනකොට මානසික කෙහෙට්ටුවකට කියාපු . වැඩක් .
http://www.sudoku.name/puzzles/en/8510/40afd3a37cca05efe623b7509855c73a

Sunday, October 30, 2011

අහන් ඉන්න

 
අහන් ඉන්න............අහගෙන ඉන්න........
මගේ හිත මොනවද මුමුණනවා..... //
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
මුදුකාර මල්‍ රේණු අගින්             සුව බෙදනවා
ඒ සුවින්
මගේ හුස්ම රටා මවනවා
අහන් ඉන්න................
සිළි සිළියේ හමන සුළ
කොුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගේමයි මටමයි
අහන් ඉන්න......................

xx

Wednesday, October 5, 2011

අපි නුවර



ද දවසේ කිසිවක් ලියන්න හිතාගෙන හිටපු දවසක් නොවේ .එත් නොලියා ඉන්න බැරි හේතුවක් වුණේ දැනට ඕස්ට්‍රෙලියාවේ පදිංචිව සිටින සහෝදරයෙක් facebook  එකට එවල තිබුණු video clip එකක් නිසා. මේක නුවර ගැන විදේශිකයන්ගේ අර්ථකථනය ලෙස හුන්වන්න පුළුවන්.
අද අපේ බොහෝ කලාකරුවන් ජාත්‍යාන්තරයට අපේ සංස්කෘතික දේවල්  ගෙන යන්නට උත්සහ කරන අතරේ විදේශිකයන්  අපේ වටිනාකම් ‍‍, සෞන්දර්යාත්මක දේවල් දෙස බලන ආකාරයෙන් අපට අපේ‍ දේ ගැන යළිත් හිතන්නට අවස්ථාවක් උදා තරල දීලා තියෙනවා.  එය බලද්දි මට හැුනෙත් අප ගැන සියුම් ආඩම්බරයක් . අපට අපේ අ‍යගෙන් අප ගැන ආඩම්බරයක් ඇති‍ වෙලාම නැති තරම් .විශේෂයෙන් ම වර්තමාන තරුණ පරම්පාරාවෙන්.අපට අපේ පැරැණි කලාකරුවන් අපට එවැනි අවස්ථාවන් බොහෝමයක් ලබා දුන්නද වර්තමාන පරම්පරාව පිළිබව සෑහිමකටට පත් වීමට හැකියාවක් නොමැත්තේ කුහක කම නිසා නෙවෙයි.





xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx













Monday, October 3, 2011

පරමාදර්ශ අහිමි වීම

සුගිය කාලයේ එකිනෙකට පරස්පර හා ඇතැම් විට එකිනෙකට සම්බන්ධ සිද්ධීන් දාමයක්ම ඇති වුණා. ලියන්න හිතාගෙන හිටපු දේවල් විටින් විට වෙනස් වුණා. එත් අද හිතුවා ජීවිතයට යමක් එකතු කළ යැයි කියා.

සුගිය සතියේ ලංකාවේ සෞන්දර්යවේදීන්ට අත්විඳින්ට සිදුවූයේ ප්‍රධානම යුග පුරුෂයන් තිදෙනෙකුගේ අභාවයන් නිසා  මහත් මානසික පීඩනයකටය.ජෝ අබේවික්‍රම , කේ.ජයතිලක සහ විජේරත්න රණතුංග යන ප්‍රවීන කලාකරුවන්  තිදෙනාගේ අභාවයන් එකම වකාවනුවක සිදූ වීම පිළිබඳව යොමු නොවන්නේ නම්  පුදුමයකි. මේ තිදෙනාම කලාවේම විවිධ අංශයන්ගේ මහ ප්‍රභලයන් තිදෙනෙකි. තවත් මිනිසෙකු‍ගේ හදවතට කතා කළ හැකිනම් ඔහු කලාකරුවෙකි. තවත් මිනිසෙකු සිටින තැනින් ඉහළ යාමට  ඔහුගේ සෞන්දර්ය භාවිතාව හේතු වූවා නම් ඔහු කලකරුවෙකි. මේ සටහන තබන මෙහොතෙත් ජෝ අබේවික්‍රම පරයා සොල්දාදු උන්නැහේ මසිත ‍වෙලා සිටියි. මා සිතන ආකාරයට මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් පසු විධිමත් ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් නොලත් ප්‍රාඥයා වන්නේ  කේ ජයතිලකයන්ය. වි‍ජේරත්න රණතුංගයන් සිය අතැඟිලි තබ්ලාව මත රඟ පෑ මනස්කාන්ත පෙළහර සජීවීම යළි දැකිය නොහැකිය.
  යම් අයෙකුට සිය කටයුතු ඉදිරියට දියුණු කර ගෙන යෑමට ප්‍රවීනයන්ගෙන් ලැබෙන සුසමාදර්ශය  අතිශයින්ම වටින්නේය.අද දවසේ අපගේ තරුණ කලාකරුවන් වල්මත් වී සිටින අකාරය දෙස බලන විට දැනෙන්නේ අනුකම්පාවකි.  ඔවුන් බොහෝ විට ජනතාව ඉල්ලා සිටින‍දේ දීමට බැඳි සිටින බව නිරන්තරයෙන්ම ප්‍රකාශ කරනු ඇසී ඇත. ජනතාව ඉල්ලා සිටින දේ දීමට කලාකරුවන් යැයි ප්‍රකාශ කරන කොටසක් සිටිය යුතු නැත. ඒ වෙළෙඳ හඬකි.ප්‍රෙක්‍ෂකයන්ගේ මනෝභාවයන්  දියුණු කල යුත්තේ කලාකරුවන් විසිනි.කලාකරුවන් සාමාන්‍ය මිනිසුන්ට ඉදිරියෙන් ගමන් කළ යුතුය. ජීවිත ගමනින් සමුගන්නා පරමාර්ශ චරිත අහිමි වීමෙන් කියා පාන්නේ වල්මත් වන  ‍ක්‍ෂෙත්‍රයේ කතාවයි.අවසන් විග්‍රහයේදී ප්‍රේක්‍ෂකයන්ද වල් මත් වීමයි.

මා මෙහි එන විට මුළු උයනෙහිම
පාට පාට මල් පිපි තිබිණ
හැම තැනම සුවඳින් පිරී ඇත.
මල් බර වසන්තය
කෙතරම් සුන්දරද ?
දැන් මල් සමය අවසන්ය
මල් තිබු අතු-ඉති වල ‍
ගෙඩි හට ගන්නට දඟලයි.
ඒවා පැසී ඉදුනු විට ඉතා
රසවත් වනු ඇත.
එසේ වුවත් එතෙක් මට
පමා විය නොහැකිය
වහාම මා යා යුතුය.
kandyangate@gmail.com

Saturday, September 17, 2011

ජීවිතයට යමක්



   මහත්මා ගාන්ධිතුමා මැත කාලීන ඉතිහා‍සයේ විශිෂ්ටතම චරිත අතරින් ප්‍රමුඛ චරිතය ලෙසින් හඳුන්වන්න පුළුවන්. එතුමා පිළිබඳව විවිධ මතවාද තිබුණත් රටක් විදිහට අද ඉන්දියාව අද ලබා තිබෙන ප්‍රගතියේ පෙර ගමන්කරුවෙක් ලෙස  එතුමා නොවලහා පෙන්නුම් කළ හැකිය. තමන් ළඟ තිබෙන දුබලතා නිවැරැදිව හඳුනාගෙන ඉන් පසුව ඒවා නිවැරැදිව වෙනස් කරගෙන සමස්ත මානව වර්ගයා වෙනුවෙන් කළ සේවය සදානුස්මරණීයය.
   පළමුවෙන්ම එතුමා ගැන සිහිපත් කරද්දි මතකයට නැගෙන අවස්ථාවක් වන්නේ වර්ණභේද වාදය තදින්ම පැවැති වකවානුවේ දී නීතීඥයෙකු ලෙස කටයුතු කිරීමට  දකුණු අප්‍රිකාවට යන ගමනයි. පසුකාලීනව ගාන්ධි චරිතය ඇසුරෙන් නිපදවූ ගාන්ධි චිත්‍රපටියේදී ද මෙම අවස්ථාව මැනවින් නිරූපනය වූ බව සිහිපත් වේ. නොදැනුවත් කමින් එතුමා ගමන් ගත‍්තේ  කල්ලන් යා යුතු යැයි වෙන්කෙරුනු දුම්රිය මැදිරියේ නොව සුදු මිනිසුන් සඳහා වෙන්කොට තිබුණු දුම්රිය මැදිරියේය. දුම්රිය ප්‍රවේශ පත්‍ර පරීක්‍ෂකයන් පැමිණ ගාන්ධි තුමාගේ ප්‍රවේශ පත්‍රය පරීක්‍ෂා කොට තහනම් මැදිරියක ගමන් කිරීමේ වරදට ඊළඟ දුම්රිය නැවතුමේදී එතුමාව දුම්රියෙන් එළියට ඇද දමන ලදි.
  නීතීඥ විෂයට  අධුනිකයෙකු වූ එතුමා මෙම සිද්ධිය වන විට තරුණ අවධිය ගත කරමින් සිටියේය. අද දවසේ ලාංකික තරුණයෙකු මෙබඳු අවස්ථාවකදී කටයුතු කරන ආකාරය අපි දනිමු. තරුණයන් පමණක් නොව ඉතාම සුළු සිද්ධියකදී පවා කඩු කිණිසි අමෝරාගෙන සටනට  පැමි‍ෙණන අකාරය අපගේ පාසැල් සහ විශ්ව විද්‍යාල ප්‍රජාවන්හී පවා සුලභ අත්දැකීමකි.ගාන්ධිතුමාගේ පමණක් නොව සමස්ත ලෝක වැසියාගේම අභිවෘද්ධිය වෙනුවෙන් නිර්මාණය වූ අවස්ථාවක් වන්නේ එය යැයි සිතේ.
   කරුණු ඇති සැටියෙන් තේරුම් ගත් එතුමා සිය නීතීඥ විෂය  මැනවින් හැදැරූවේය. බොරු වීරයෙන් නොවී තමා ශක්තිමත් විය යුත්තේ කවර කරුණූ වලින්දැයි නිදහසේ සිතීය.මෙහි ප්‍රතිඵලයක්  වූයේ  මානව අයිතිවාසිකම්, මානව හිමිකම් , වර්ණභේද වාදය යනාදිය ගැන  සමස්ත ලෝකයේම මිනිසුන්ගේ අවබෝධය වැඩි දියුණු විමයි. එදා එතුමාට යම් අපහසුතාවයකට මුහුණ පෑවාද එහි පාඩුව පිරිමසා ගත්තේ “අවිහිංසාවාදයේ පියා ’’ යනුවෙන් විශ්වයේ කිසිවෙකුටත් යළි ලබා ගත නොහැකි සන්නම් නාමයක් ඇති කර ගනිමිනි.

   අද දවසේ අපගේ තරුණයන්ද සිය තාරුණ්‍යය ගැන විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කාලය පැමිණ ඇතියි සිතේ.තරුණ්‍ය යනු හුදෙක් කාලය කා දමමින් අනවශ්‍ය මුදල් වියදම් කරමින්  හිස්ව ගත කරන අවධියක් නොව එ‍ලැඹෙන  “අවස්ථාවන් ”  නිසියාකාරයෙන් ප්‍රයෝජනයට ගැනීමය. තාරුණ්‍ය යනු වෙළෙන්දන්ට ලාභ ලැබෙන අයෝජනයකි. මෙම වෙළෙන්දන් විසින් අද තාරුණ්‍ය යැයි හඳුන්වා දී තිබෙන්නේ  විකෘතියකි. ඒ අනුව අද අපේ තාරුණ්‍යය ඩෙනිම් කලිසම , ජෙල් ගා ස්පයික් කරගත් කොණ්ඩය ,අත පුරා ඇති  ‍ෙෆ්‍රන්ඩ්ෂිප් බෑන්ඩ්  , ටැටු  ,කොටු සහිත කමිස , එම්බාක් ‍සෙරෙප්පු , කනේ ගසා ගත් mp3 යනාදියට කොටු කර ඇත. අප අපගේ අනන්‍යතාවය යැයි රැකගන්න‍ට උත්සහා ගන්නේ කුමක්ද ?  සෑම  ඉන්දියානු චිත්‍රපටයක  පවා සෑම චරිතයකම මුව’ගට තමා  “ඉන්දියානුවෙක් ” යැයි  කීමට තරම් කරුණු පෙළ ගැසී ඇත. අපගේ නිර්මාණකරුවන් ජාත්‍යාන්තරය ජය ගැනීමට උත්සහ කරද්දි  ඉන්දියානුවන්  සිය ස්වදේශිකත්වය ගැන උදම් අනයි. පැජ‍ෙරා හෝ ප්‍රා‍ෙඩා නොමැතිව අපට කටයුතු කරන්නට නොහැකි වුවද ඉන්දියානු පාලකයනට ඇම්බැසඩර් දිව්‍ය විමානයකි. අද ඉන්දියාවේ මෙම පරමාදර්ශයට ගාන්ධිතුමා ඇතුළු ජාතික තලයේ සියළු නායකයෝ එකල වෙහෙස මහන්සි වී කටයුතු කළහ. 

   ගාන්ධිතුමාගේ ප්‍රමුඛ පාඨය වූයේ “  අන් අය වෙනස් කිරීමට කලින් තමා වෙනස් විය යුතුය ”
යන්නයි.

ඔබත් මමත් අන් අය වෙනස් කිරීමට පෙර මුලින්ම මම වෙනස් වීමට කාලය පැමිණ ඇත. 

   එම වෙනස සහා තවත් දවසක බ්ලොග් සටහනකින් මුණ ගැසෙමු.
එතෙක් ඔබට ජය






















Tuesday, September 13, 2011



මෙම රූපයෙන් අපට අප ගැන අලුත් විදිහකට හිතන්න අවකාශය ලබා දෙනවා.ඔබගේ අදහස අපි දැනගන්න කැමතියි. ඔබ එවන අදහස් සියල්ලම එකතු කරලා අපිට කිසියම් සාහිත්‍යයක් නිර්මාණය කරන්නත් හැකියාව තියෙනවා.